දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයාය දක්වා ගමන් කරමින් තිබු ගිලන් රථයක් නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි අනතුරකට ලක්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ  ප්‍රථිකාර ලැබු රෝගින් තිදෙනකු එම රෝහලේ සිට ස්ටොක්හෝම් වතුයායට රැගෙන යමින් සිටි එම වතුයායට අයත් ගිලන් රථය 22වන දින සවස නොර්වුඩ් දියසිරි ගම ප්‍රදේශයේදි මාර්ගයේ කානුවකට වැටි අනතුරකට ලක්ව ඇති බවත්ය.

මෙම ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත මාර්ග ලිස්සන සුළු තත්වයන්ට පත්ව ඇති බවත් එම තත්වයන් මත මෙම ගිලන් රථය ධාවනය වෙමින් පවතින විට මාර්ගයෙන් ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂනවලින් හෙලිව ඇති බවද එම නිලධාරියා පැවසිය.

ගිලන් රථය මෙසේ අනතුරකට ලක් වුවද මෙයින් එම ගිලන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts