gas

මේ දින වල පවතින ලිට්රෝ ගෑස් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකු හා ගෑස් පාරිභෝගිකයන් කිප දෙනකු පවසන ලද්දේ දැනට දින දෙක තුනක සිටම නගරයේ ගෑස් වෙලදුන් සතුව ගෑස් නොමැති විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මේ වන විට රජය මගින් කර ගෙන යනු ලබන බඩු මිල ගෑස් විදුලිය අඩු කිරිම් ඇතුළු විවිධ වැඩ සටහන් පිලිබදව ජනතාව ප්‍රසාදය පල කිරිම වලක්වා ජනතාවට අවශ්‍ය දෙයක් වන ගෑස් හිගයක් පමාපාමින් රජය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැගිමේ කුමණ්ත්‍රනයක් මෙම ගෑස් හිගය පසු පස තිබෙන්නේද යන්න පිලිබදව යම් සැකයක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  ගෑස් වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ දින තුන හතරකින් ගිනිගත්හේන ප්‍රාදේශීය ගෑස් බේදාහැරිමේ මධ්‍යස්ථානයෙන් ගෑස් බේදා හැරිමක් සිදු නොවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
තවත් ව්‍යාපාරිකයකු පවසන ලද්දේ තම වෙලද සැලේ තිබු හිස් ගෑස් සිලින්ඩරද ගිනිගත්හේන ප්‍රාදේශිය බේදාහැරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියද දින තුන හතරකින් එම මධ්‍යස්ථානයෙන් තමන්ට ගෑස් නොලැබුන බවත්ය.
මෙම තත්වයන් මත ගෑස් නොමැති බව පැවසු විට සමහර පාරිභෝගිකයන් තමන්ට බැන වදින බවත් මෙම තත්වයන් මත පවතින මෙම ගෑස් හිගය හේතුවෙන් තමන්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts