රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවසීය.
රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් නීතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. නීතියේ ස්වාධින්තවය සමානවම කාර්යක්ෂමතාවත් ඉතා වැදගත්. Doing x Business Index වල ලංකාව තිබෙන්නේ 112 වන ස්ථානයේ. ඊට හේතුව වන්නේ මෙරට තිබෙන නඩු ප්‍රමාදය සහ ලෑන්ඩ් රෙජිස්ට්‍රියේ තිබෙන ප්‍රමාදයන්. පක්ෂ භේදයකින් තොරව මේ දෙකෙහිම වෙනසක් සිදුකළ යුතුයි.

අනෙක් සියලු දේ සමග නීතියත් ප්‍රගමනය විය යුතු බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍යවරයා අධිකරණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඉතාම වැදගත් බව පෙන්වා දුන්නේය.
නව තාක්ෂණයත් සමග සිතාසි ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,
මම යෝජනා කරනවා ඉදිරියේදී යම් පාර්ශව දෙකක් අතර සාකච්ඡාවකදී ඊ මේල් පාවිච්චි කර තිබෙනවා නම් සිතාසි භාර දීම ඊ මේල් වලින් කළ යුතුයි කියලා. ඊ මේල් ලැබී නැත්නම් ඒ බව ඔප්පු කළ යුතුයි. සිතාසි භාර දීම SMS එකකින් වුවත් කළ හැකියි.කවුරුහරි පිටරට යන්න හදනව නම් ෆ්ලයිට් එකේදි සිතාසි භාර දෙන්න බැහැ. නමුත් බෙදුම්නඩුවකදී සියදෝරිස්ට ඊ මේල් එකකින් සිතාසිය භාර දෙන්න බැහැ. එහෙත් සාමාන්‍ය ක්‍රමවේදයේදී සාකච්ඡා පවත්වන්නේ ඊ මේල් එකකින් නම් සිතාසිය ඊ මේල් මගින් භාර දීමට අවස්ථාව ලබා දියයුතුයි.

Similar Posts