අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කරයි.

අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තත්ත්වයක් බලපා නොමැති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මාතර, පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර ප්‍රදේශ අද අළුයම 2.33 ට පමණ සුළු භූ කම්පනයක් ආකාරයෙන් පොළොව සෙලවීමක් සිදුවු බව ප්‍රදේශවාසින් පවසයි.

Similar Posts