මධ්‍යම පළාතේ ජාතින් අතර සහජිවනය හා සුහදතාවය  වර්ධනය කිරීමේ අරමුණ මත අන්තර් ආගමික හා සහාජිවන කමිටු තුලින් ඉදිරියේදිද විශාල මෙහෙවරක් කිරිමට පියවර ගන්නා බව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක පුජ්‍ය ඩොස්මින් රාජ් පියතුමන් පවසයි.

සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් නව සම්බන්ධිකාරක ලෙස පත්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු ඩොස්මින් රාජ් පියතුමන් වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙම ප්‍රදේශයේ බෞද්ධ, හිංදු, ඉස්ලාම්, කතෝලික ආගමික පුජකවරුන් මෙම ප්‍රදේශයේ සාමය සංහිදියාව මෙන්ම ජාතින් අතර සුහදතාවය වර්ධනය කිරිමට විශාල මෙහෙයක් වත්මන් සිටික් ආයතනයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක හිටපු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ගරු නියුමන් පිරිස් පුජකතුමන් සමග ඉටු කලා.

එම කටයුතු ඉදිරියටත් කරගෙන යාමට මම පියවර ගන්නවා මේ සදහා නියුමන් පිරිස් පියතුමන්ගේ උපදෙස් අනුසාසනා නිරන්තරයෙන් මාහට ලැබෙනවා එමෙන්ම  මෙම ආගමික සහජිවන වැඩ සටහන සදහා පාසල් දරුවන් එක් කර ගැනිමටත් පියවර ගන්නවා.

විවිධ ආගම්වල පවතින ආගමික වතාවත් පිලිබදව අන් ආගම් අදහන පාසල් දරුවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් එම ආගමික වතාවත් පිලිබදව දැනුම ලබා දිමටත් පියවර ගන්නවා.

මේ තුලින් පාසල් යන මෙම තරුණ පිරිස අතර විවිධ ආගම් පිලිබදව පවතින දුර්මතාන්ත අනවබෝධය දුරු කර තරුණ පිරිස අතර සියළුම ආගම් පිලිබදව සුබවාදි ආකල්ප ගොඩ නැගිම තුලින් මෙම ප්‍රදේශයේ ජිවත්වන සියළුම දෙනා එකම මවකගේ ශ්‍රිලාංකික දරුවන් බවට පත් කිරිමට හැකියාව ලැබෙනවා.

මේ සදහා මෙම ප්‍රදේශයේ සියළුම ආගමික ස්ථානවල සියළුම පුජකවරුන්ගේ මෙන්ම සියළුම සමාජ ක්‍රියාකාරින්ගේ සහා‍යෝගය බලාපොරෝත්වන බවද ඩොස්මින් රාජ් පියතුමන් වැඩි දුරත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts