මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.
මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද එම නිලධාරියා පැවසිය.
මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලිබලාගාර වෙත උපරිම ලෙස බේදා හැරිමට පියවර ගෙන ඇති බවත් ගතවු පැය 24ක කාලය තුල කාසල්රි ජලාශය ආශ්‍රිත ප්‍රදේශයන්ට මිලි මිටර් 59ක වර්ෂාපතනය පැවති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts