postal-vote

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වෙයි.

මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි.

කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියා.

ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසනවා.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට හා අනෙකුත් ඡන්ද දායකයින්ට www..elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැකි බව කොමිසම පවසනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 කි.

Similar Posts