මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිමට සුදානමින් සිටින බව කේ. කේ. පියදාස මහතා පවසයි.
නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කල පියදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ස්වාධින අපේක්ෂකයකු ලෙසයි.
එතුමා ස්වාධින අපේක්ෂයකු ලෙස ඉදිරිපත් විමත් සමග මේ රටේ විවිධ පක්ෂ නියෝජනය කරන අති බහුතර පිරිසක් මේ රටේ පාලන බලය තවත් වසර 05කට රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට සුදානමින් සිටින්නේ.
මොකද මේ රටේ ජනතාව දන්නවා මෙයට වසර දෙකකට පමණ පෙරදි මේ රටේ පැවති ආර්ථික අර්බුදයේදි මේ ජනතාව විදි දුක එම තත්වයන් නැති කලේ රනිල් වික්‍රමසිංහ මහතායි එවන් තත්වයන් මත මේ රටේ අති බහුතර ජනතාව දන්නවා මේ රට නැවත අගාදයකට ඇද නොදමා මේ රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව.
අද සමහර සමාජ මාධ්‍ය තුලින් විවිධ අය ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් වුනත් සැප්තැම්බර් 21වන දින පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි මොකද අද යන යන තැන බොහෝ පිරිසක් කියන දෙයක් තමයි මේ රටේ ඉදිරි ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කල යුතු බව.
එම නිසා මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අති බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නා බව ඉර හද මෙන් විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts