ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන් කැඳවා ගනු ලැබුවේ රුපියල් 5000ක් වටිනා වවුචරයක් ඇතුළුව බොහෝ දෑ ලබා දීමෙන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදි සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතුගල්පුර ජන මාධ්‍ය සංසදය දැඩි විරෝධය පළ කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර දැඩි උණුසුමක් ඇති කළ මෙම ප්‍රකාශය ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළේ ‘රට වටා ජනමාධ්‍යවේදියෝ’නම් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ ඉල්ලීමකට අනුව සියලුම ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී් එක් කොට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ලේදී පැවති විශේෂ හමුවක් සම්බන්ධයෙනි.

මෙම ප්‍රකාශය සම්බන්ධව ඇතුගල්පුර ජන මාධ්‍ය සංසදයේ අනුශාසක සුනිල් පොරමඩල මහතා ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදින් ලෙස ඔවුන් වාසි බලාපොරොත්තුවකින් තොරව සිය සේවාව ලබාදෙන බැවින් මෙම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවයි. මෙවැනි ප්‍රකාශ ඉදිරියටත් සිදු කළහොත් ඊට විරුද්ධව රට පුරා සිටින සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එකතු වී ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.

එම සංසදයේම ලේකම් ප්‍රභාත් නෙත්තසිංහ මහතා මහතා පවසා සිටියේ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව කිසිවෙක් මේ වනතුරු කතා කර නොමැති බවත්, එම නිසා එම ගැටලු සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ය. ඒ අනුව ජනාධිපතිවරයා ජනමාධ්‍යවේදින්ව කම්කරු ප්‍රඥප්තියට ඇතුළත් කර ඔවුන්ගේ ගැටළු විසඳීමට කොමිසමක් පත් කරන බව පවසා ඇත.

දේශපාලන වාසි තකා සිදු කරන මෙවැනි ප්‍රකාශ දැඩි පිළිකුළත් අප්‍රසාදයත් පළ කරන බව එම සංවිධානය පවසයි.

Similar Posts