නොබෝ දිනකින් ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමක් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය මතුවන්නේ එම භූමිකම්පනය සිදුවීමෙන් පසු විද්‍යාඥයින් කළ වැඩිදුර විමර්ශන වලිනි.

කාලගුණ විද්‍යා ඒජන්සියේ මෙගාකම්පා උපදේශනය අනතුරු ඇඟවූයේ “ඉදිරියේදී විශාල භූමිකම්පාවක් සිදු වුවහොත්, ප්‍රබල සෙලවීම් සහ විශාල සුනාමි ජනනය වනු ඇති” බවයි.

තවදුරටත් මෙසේ පැවසීය: “නව මහා භූමිකම්පාවක සම්භාවිතාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ය, නමුත් මෙය නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ විශාල භූමිකම්පාවක් නියත වශයෙන්ම සිදුවනු ඇති බවට ඇඟවීමක් නොවේ.”

රජයේ විශේෂඥයින් විශ්වාස කරන්නේ 8 හෝ 9 ප්‍රමාණයේ මෙගා කම්පනයක් සිදු වීමට 70% සිට 80% දක්වා සම්භාවිතාවක් පවතින බවයි. කෙසේ වෙතත් මෙම භූමි කම්පාව කවදා සිදුවේදැයි පවසා නැත.

Similar Posts