බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ (සැක) සිරකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව වෙනත් සිරකුටියකට මාරුකරණ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කළ බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

බුස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම ජේලර්වරයාට ලබා දුන් නිත්‍යානුකුල නියෝගය නොපිළිපැදිම සම්බන්ධයෙන් විනය පරික්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වැඩ තහනම් කිරිමට කටයුතු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බි. දිසානායක මහතා  පැවැසීය.

Similar Posts