ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා වීදි සංචාරය කෙරුණි.

අද දිනයේ සිට රන්දෝලී පෙරහැර වීදී සංචාරය සිදුකෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

Similar Posts