ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි.
මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති බවත්ය.
එම පුහුණු පාඨමාලා වැඩ සටහන යටතේ පුහුණුව ලැබු කාන්තාවන් හැට දෙනකු ඔවුන්ගේ නිස්පාදන මෙම ප්‍රදර්ශණය හා අලෙවි සැලට ඉදිරිපත් කර ඇති බවත්ය.
මෙම නිස්පාදන වෙලද පලට නිකුත් කිරිම සදහා ඔවුන්ගේ එම නිස්පාදන සදහා අවශ්‍ය ලියාපදිංචි කටයුතු කර දිමටද ප්‍රිඩෝ ආයතනය පියවර ගන්නා බවත් ඉන් අනතුරුව එම නිස්පාදන වෙළද පලට අලෙවි කිරිම තුලින් එම අයගේ ආර්ථිකය සවිමත් වන බවද ඔහු පවසන ලදි.
ඉදිරියේදි වතුකරයේ තවත් කාන්තාවන් පිරිසකටද මෙවැනි ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් පැවැත්විමට පියවර ගන්නා බවත් එම තත්වයන් තුලින් මේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් තව දුරටත් වර්ධන කිරිමට ප්‍රිඩෝ ආයතනය පියවර ගන්නා බවත් මයිකල් ජෝකිම් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts