ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි.
මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්රතිශක්තීකරණය කළයුතු බවයි.
වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙම වෛරසය තවත් ළමුන්ට ආසාදනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකරන බවය.