විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින්; එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී තිබුණි.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවක් මගින් අමාත්‍ය මණ්ඩලය ශිෂ්‍යාධාර මුදල් සහ මහපොළ මුදල් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරනලදි.

එම යෝජනාව සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර වාරිකයක් රුපියල් 6500 දක්වා ද 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

මෙලෙස මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් වාරික ඉහළ නංවා ඇත්තේ දස වසරකට පසුව වීම ද විශේෂත්වයක්.

Similar Posts