මේ රටේ ජනතාවට හා රටට යම් කිසි සේවයක් කිරිමේ අරමුණ මත තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වු බව ස්වාධින ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස මහතා පවසයි.
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙවර ජනාධිපති මැතිවරණයට ඉල්ලන අපේක්ෂයන් අතර මමත් එක් අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වෙලා ඉන්නවා මගේ ලාංජනය කැල්කුලේටරය මම මහා පරිමානයේ ප්‍රචාරක රැස්විම් තියන්න අදහස් කරන්නේ නැහැ මම සමන්‍ය වශයෙන් ජනතාව හමුවෙලා මගේ ප්‍රතිපත්ති ඒ අයට කියමින් ඡන්ද ව්‍යාපාරය කිරිමයි සිදු කරන්නේ.
මම පාර්ලීමේන්තු මංත්‍රිවරයකු ලෙස කටයුතු කරන විට මේ රටේ පවතින විවිධ ප්‍රශ්න පිලිබදව අත් දැකිම් ලබා ගත්තා එම තත්වයන් මත මම දන්නවා මේ රටේ පවතින ප්‍රශ්න එම ප්‍රශ්නවලට යම් විසදුමක් මා හට ලබා දිමට හැකි වෙතැයි යන්න අපේක්ෂාවෙන් තමයි මම මේ මැතිවරණයට ඉදිරිපත් වුනේ.
මම ජනාධිපති ධුරයට සුදුසු නැහැ කියලා හිතනවානම් තවත් ඉල්ල අයගෙන් මේ රටට යම් සේවයක් කරන්න ඔබ සුදුසුයි කියලා හිතන ඕනැම අයෙකුට ඔබගේ ඡන්දය ලබා දෙන්න මම කිසිම කෙනෙකුට දොස් කියන්නේත් නැහැ කිසිම කෙනකු සමග තරහාත් නැහැ එත් එකක් කිවයුතුයි මේ රටේ ජිවත් වන සියළුම දෙනා ජාති ආගම් භේදයෙන් තොරව ශ්‍රි ලාංකිකයන් ලෙස එකට ජිවත් විමට පියවර ගත යුතුයි එවිට තමයි අපි සියළුම දෙනාට සැබැ ශ්‍රිලාංකියන් ලෙස ඉදිරියට යන්න පුළුවන්.
මේ මස 21වන දින මේ රටේ ජිවත් වන ඔබලා ගන්නා තීරණය මත තමයි මේ රට ඉදිරියට යනවාද නැතිනම් ආපස්සට යනවාද යන්න තිරණය වන්නේ එම නිසා ඔබ ගන්නා තීරණය බුද්ධිමත් තිරණයක් විය යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts