හැටන් මෙතෝදිස්ත දේවස්ථානය ආරම්භ කර වසර 140ක් පිරිම නිමිති කර ගෙන සැමරුම් උත්වසයක් හැටන් නගරයේදි පවත්වන ලදි.
හැටන් මෙතෝදිස්ත දේවස්ථානයේ ප්‍රධාන පුජක දේවදාසන් පියතුමන්ගේ ආරාධනය පරිදි ශ්‍රිලංකාවේ මෙතෝදිස්ත සභාවේ වත්මන් සභාපති හා මහානායක බිෂොප් කිංස්ලි වීරසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය පවත්වන ලදි.
මෙතෝදිස්ත මීසමමේ පලමු දේව මෙහෙය හැටන් දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයේදි හැටන් දුම්රිය ස්ථානයේ පලමු දුම්රිය ස්ථානාධිපති විලියම් පටේ මහතාගේ මුලීකත්වයෙන් එවක වැඩ බලන පොලිස් මහේස්ත්‍රාත් ජෝන් නෝර්ත් මොර් මහතාගේ ප්‍රධානත්වයෙන් 1884 වර්ෂයේදි පවත්වා ඇති අතර එය සැමරිම සදහා හැටන් දුම්රිය ස්ථානයේ සමරුඵලකයක් වීවෘත කිරිම කිංස්ලි වීරසිංහ මහතාගේ හා හැටන් දුම්රිය ස්ථානාධිපති ජනක ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts