හැටන් නගර මධ්‍යයේ ඉදිකර ඇති ඔරලෝසු කණුව දැන්විම් පුවරුවක් බවට පත් කර තැබිම පිලිබදව ප්‍රදේශයේ පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති.

මෙම ඔරලෝසු කණුවේ වේලාවන් ක්‍රියාවිරහිතව දැනට දිගු කලක් ගතවන අතර මේ වන විට එම ඔරලෝසු කණුව දැන්විම් පුවරුවක් බවට පත්විමත් සමග එය නගරය අවලක්ෂණ කිරිමක් බවද එම පිරිස පවසති.

හැටන් දික්ඔය නගර සභාව විසින් මෙම ඔරලෝසු කණුවේ විදුලිය සදහා ගෙවිය යුතු විදුලි බිල නොගෙවිම මත මේ වන විට මෙම ඔරලෝසු කණුවේ වේලාවන් නතරවි ඇති බවත් නගර සභාවේ නිලධාරින් මේ පිලිබදව නිසි ලෙස සොයා නොබැලිම මත ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් මෙම ඔරලෝසු කණුව දැන්විම් පුවරුවක් බවට පත් කර ගෙන ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසුමකදි අදහදස් දැක්වු හැටන් දිකත්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. ඩණ්ඩාර මහතා පවසන ලද්දේ මේ පිලිබදව සෙයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරිමට අදාල නිලධාරින්ට උපදෙස් දිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts