sinhala news papers

2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බවයි.

Similar Posts