Similar Posts
‘කළු සැමරුමක්‘ – අරගල භූමිය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට
ඊයේ (19) රාත්‍රී අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකරන ලදි. අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර තිබුණි. අද (20) උදෑසන වාර්තාවන්නේ මෙම අවහිරතාවන්ට එරෙහිව විශාල ප්‍රමාණයක් පොලිස් හා කැරලිමර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති බවයි….
ජනතාව දෙසිය විසිපහම එපා කියන හේතුව නාමල් කියයි
සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඔහු මෙසේද කීවේය. ‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ…
ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි. 1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය. කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි…
මංගල කොවිඩ් පොකුරක් මතුවෙයි
කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත. මෙම මංගල උත්සවයේදී…
චක්‍රලේඛනය කියන්නෙ ජනාධිපතිවරයා කියන එක
තමන්ගේ වාචික නියෝග යනු චක්‍රලේඛ ලෙසින් සලකා කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේම නියෝග කළේය. ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානයේදී ඊයේ (25) පැවති “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු වැඩසටහන අමතමිනි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “චක්‍රලේඛනයක් කියන්නෙ … ජනාධිපතිවරයා කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛනය. තේරුණාද ?…
අපි මාංශ භක්ෂක වෙමු – වල් ඌරා – තලගොයා ජන සතු කරමු
හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික…