යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ඇමෙරිකා තීරණයට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළකරනවා.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති කිසිදු චෝදනාවක් සනාථවී නොමැති පසුබිමක මෙවැනි තහනමක් පැනවීම යුක්තිසහගත නොවන බවයි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රධානත්වය දැරූ යුද හමුදාවේ 58 වන සේනාංකය මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඝාතන සිදුකර ඇති බවට ප්‍රකාශ කරමිනුයි මෙම තහනම නිකුත්කර තිබෙන්නේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ ඇමෙරිකාවෙන් වීසා ඉල්ලුම් කිරීමක් තමා සිදු නොකළ බවත් ඉදිරියේ දී වීසා ඉල්ලීමක් සිදු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවද අවධාරණය කළා.