මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය කියමින් වසර දෙක තුනක කාලයන් දැඩි වෙහෙසට පත්වු මේ රටේ අධ්‍යාපනය හදාරන කුඩා දරුවන් එම විභගය නිම කර සතුටට පත්ව හිටියා එත් එම සතුට එම කුඩා දරුවන්ට නිසි ලෙස විදින්න බැරි වුනා මොකද මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර යම් පුද්ගලයකු විසින් පිට කිරිමේ සිද්දියක් හේතුවෙන්.

මෙය යම් අයකු කර ඇත්නම් ඇත්තටම එය මේ කුඩා දරුවන් නොමරි මැරිමක් ලෙසයි මා දකින්නේ මොකද මෙම ප්‍රශ්න පත්‍ර පිටවිමේ සැකය මත සමහර වෘත්තිය සමිති සමහර දෙමාපියන් විවිධ උද්ගෝෂණ පවත්වමින් නැවත මෙම ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙස පවසනවා.
එසේ මෙම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විමට යම් හෙයකින් පියවර ගත හොත් එයින් සිදු වන්නේ මෙම ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වු එම කුඩා දරුවන් නැවත වතාවක් දැඩි ප්‍රිඩාවකට පත් කිරිමක් මොකද නැවත වතාවක් පවත්වන විභාගයකට පෙනි සිටිමට සිදු විමෙන් එම කුඩා දරුවන් යම් මානසික ප්‍රිඩාවන්ට ලක් විමෙන් එම දරුවන්ගේ කුඩා මනසට ඔරෝතුතු නොදෙන තත්වයන් මත එම කුඩා දරුවන් විවිධ රෝගවලට ලක් විමේ අවදානමක් පවතින්න පුලුවන්.
මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කර මේ කුඩා දරුවන්ගේ මනසට ඔරෝත්තු නොදෙන ප්‍රිඩාවන්ට එම දරුවන් පත් නොකර කටයුතු කිරිමට පියවර ගත යුතු බවයි මාගේ අදහස එමෙන්ම යම් ගුරුවරයකු හෝ යම් පුද්ගලයකු මෙම ප්‍රශ්ණ පත්‍ර පිටකර කර ඇත්නම් එම අයට එරෙහිව දැඩි දඩුවම් ලබා දිමටත් අදාල නිලධාරින් පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts