ඔය සාහිත්ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්යකාරයන් ඉල්ලීමක් කරනවා නේද?
මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ ලොවෙත් නැති ඒවා.
පොත්පත් වැට් බද්දෙන් නිදහස් කළාට කඩදාසි නිදහස් නැහැ. එතකොට කඩදාසිත් වැට් බද්දෙන් නිදහස් කරන්න වෙනවා. කඩදාසි වැඩිපුර භාවිතා කරන්නෙ පොත් අච්චු ගහන්න නෙමෙයි. ඔය පැකේජස්, පෝස්ටර්, හෑන්ඩ් බිල්, බත් එතීම වගේ ඒවට. පොත් අච්චු ගහන්නය කියලා කඩදාසි වැට් එකෙන් නිදහස් කරගෙන ඒවයින් බත් ඔතනකොට, පස්ස පිහදානකොට කොහොමද දන්නෙ නැහැ ඒක වළක්වන්නෙ?
තව සමහරු කියනවා, අධ්යාපන උපකරණ ලෝකෙ හැම රටකම බද්දෙන් නිදහස්ය කියලා. ලංකාවෙ නිදහස් වුණාට ලෝකෙ බොහෝ රටවල එහෙම නැහැ. නෝර්වේ, ඉන්දියාව, ලංකාව වගේ රටවල තමයි නිදහස්.
ඩෙන්මාර්කෙ අධ්යාපන උපකරණ විතරක් නෙමෙයි පොත්වලටත් 25%ක් බදු ගහනවා. ෆින්ලන්තෙ 10%යි. කැනඩාවෙ එක එක ප්රාන්තවල 5% සිට 15% දක්වා. එක්සත් ජනපදයෙ සමහර ප්රාන්තවල 10%යි. ජපානෙ, ඕස්ට්රේලියාවෙ 10%යි. ජර්මනියෙ 7%යි. ප්රංශෙ 5.5%යි. ඉතාලියෙ 4%යි.
අනුර කුමාර වගේ දේශපාලකයන් පහුගිය කාලෙ මේ ඇත්ත වෙනුවට රටේ ජනතාවට කිව්වෙ පට්ටපල් බොරු. ජනතාව ඉන්නෙ ඒවට රැවටිලා. දැන්වත් ඒ මුග්ධයන්ගේ ඇස් පෑදිය යුතුයි. අපි කරන්නෙ ඒ වැඩේ.