වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදුකර ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.එහිදී අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියේ දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවයි.වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය විසින් මෙරට අධ්‍යාපන ක්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජේ.එම්. ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ හසිනි තලගල මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

Similar Posts