“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන වාර්තාව අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන අශ්‍රිතව රචනා කර ඇති අතර එම අධ්‍යන වාර්තාවේ රචකයා වන මාධ්‍යවේ දී අජිත් පැරකුම් ජයසිංහ මහතා මෙම කෘතිය එළි දැක්වීමේ දි පළ කළ අදහස් මෙසේය,

aswasuma-study-report aswasuma-study-report

aswasuma-study-report aswasuma-study-report

“අස්වැසුම ඇස්වැසුමක් ලෙස සමාජයේ බොහෝ අය අතර පැවති මතයක් ඔවුන් බොහෝමයක් දැන සිටියේ මෙය ගෘහ පදනමෙන් ලබා දෙන ප්‍රතිලාභ වැඩසටහනක් ලෙසයි. නමුත් මෙම වැඩසටහන පවුල් පදනම් කරගෙන ලබා දෙන ප්‍රතිලාභයක් බව බොහෝමයක් අය දැන සිටියේ නෑ. මෙම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ඉතා හොඳ වැඩසටහනක් මෙය මින් පෙර පැවති සමෘද්ධි වැඩසටහන හා සමාන වැඩසටහනක් නමුත් සමෘද්ධි වැඩසටහන වැඩි වශයෙන් දේශපාලනීකරණය වූ වැඩසටහනක් බව අපි සැවොම දන්න කරුණක්, ප්‍රතිලාභින් තෝරා ගැනීමේ දී නිලධාරීන්ට මෙන්ම දේශපාලකයින්ට සුවිශේෂ බලයක් පැවතුණා. එය හොඳින්ම කැපී පෙණුනේ 2015 යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමඟයි. 2015 වසර වන විට දිළින්දන් ප්‍රමාණය ලක්ෂ 14කින් පමණ අඩු වී තිබුණා. නමුත් යහපාලන ආණ්ඩුව පැමිණිමත් සමඟ ඔවුන් ලක්ෂ 5 ට පමණ අලුතෙන් සමෘද්ධිය ලබා දී තිබුණා. අස්වැසුම වැඩසටහන හඳුන්වා දෙන විට 2022 වර්ෂයේ ආර්ථික අර්බුධය සමඟ දිළින්දන් ප්‍රමාණය ඉහළ ගොස් තිබුණා. අප මෙම අස්වැසුම වැඩසටහන සම්බන්ධව බොහෝමයක් සාකච්ඡා කළා. අප මෙම අස්වැසුම වැඩසටහන සම්බන්ධව කළ අවසන් සාකච්ඡා වල දී බොහෝමයක් අයගේ මතය වූයේ මෙම වැඩසටහන් අවශ්‍ය නොවන බවත් මෙම වැඩසටහන් තුළින් ඔවුන් දිළිඳු සහනාධරයන් වලින් ම ජීවත් වීමට පෙළඹෙන බවත්ය. අප ඒ නිසාවෙන්ම දිළිඳුභාවය තුරන් කිරීමට ක්ෂුද්‍ර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමක් එම වැඩසටහන් හරහා සිදු කළේ. සමෘද්ධි වැඩසටහන තුළින් දිළිඳුභාවය තුරන් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එලෙසටම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන තුළින් ද දිළිඳුභාවය අවම කිරීමට විවිධ වැඩසටහන් ඉදිරියේදි ක්‍රියාත්මක කරන බවට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. අපගේ අධ්‍යනය තුළින් දිළිඳුභාවය අවම කිරීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායකය වැදගත් වන අයුරු අප සිදුකරන ලද වැඩසටහන් තුළින් පෙන්වා දුන්නා එමෙන්ම මෙම කෘතියේ බොහෝමයක් කරුණු මෙම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ සඳහන් වෙනවා. එම කරුණු මෙම ග්‍රන්ථය හරහා දැනගැනීමට පුළුවන්.

මෙම අධ්යයන වාර්තාව අපගේ වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැක. – https://www.right2lifelanka.org/aswesumarelief-or-deception/

මෙම අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා දැක්වූ අදහස්…

 

 

Similar Posts