හැටන් නගරයේ මගින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන සුද්ද පවිත්‍ර කර නගරය අලංකරණය කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

හැටන් මුලස්ථාන පොලිසියට අනුබද්ධ ප්‍රජා පොලිස් ඒකකය, හැටන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, හැටන් කුලි වැන් රථ හිමියන්ගේ සංගමය සහ හැටන් පොලීසියේ නිලධාරින් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

කන්ද උඩරට ලස්සන නගරයක් වශයෙන් සැලකෙන හැටන් නගරයට පිවිසෙන මගින් රථ වාහන පාලනය කිරිම සදහා පදික වේදිකායේ ගමන් කරවිමටත්, මගින් ගැවසෙන ස්ථාන සුද්ද පවිත්‍ර කර පිරිසිදුව තබා ගැනිම මෙහි අපෙක්ෂාවයි.

Similar Posts