දිපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් විසිපන්දාහාක ( 25,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස සමස්ථ ලංකා ප්රගතිශීලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා අදාල වතු සමාගම්වලින් ඉල්ලා සිටිති.
හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධානතම උත්සවයක් වන දිපවාලි උත්සවය ද්‍රවිඩ ජනතාව ඉමහත් උත්සවාකාරයෙන් සමරන අතර එම උත්සවාකාරයෙන් සැමරිමට වතු කම්කරුද දැඩි කැමැත්තක් දක්වති.
එහෙත් පවතින ආර්ථික තත්වයන් මත වතු කම්කරුවන්ට අවශ්‍ය මුදල් නොමැති විමෙන් එම වතු කම්කරුවන්ට දිපවාලි උත්සවය නිසි ලෙස සැමරිමට නොහැකි තත්වයක් පවති.
එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර වතු කම්කරුවන්ටද මෙවර දිපවාලිය නිසි ලෙස සැමරිම සදහා රුපියල් විසිපන්දාහාක අත්තිකාරම් මුදලක් මෙම වතු කම්කරුවන්ට ලබා දිමට අදාල වතු සමාගම් කටයුතු කරන්නේ නම් එය වතු කම්කරුවන්ට කරනු ලබන විශාල සහනයක් බවද ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්