හැටන් නගරයේ හෝටල් හදිසි පරික්ෂාවකට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගන්නා ලදි.
ප්‍රදේශයේ ජනතාවට මෙන්ම මෙම ප්‍රදේශයට පිටතින් පැමිනෙන පිරිස් සදහා පිරිසිදුවට ආහාර ලබා දිමේ අරමුණ මත හෝටල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා බව එම නිලධාරින් පැවසිය.
එමෙන්ම අපිරිසිදු තත්වයේ පවත්වා ගෙන යනු ලබන හෝටල් දින 14ක් තුලදි පිරිසිදු කර ගෙන එම හෝටල් නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දිමටත් එසේ නොකරන හෝටල් හිමියන්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවද එම නිලධාරින් වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්