election2024

ඉදිරියේ පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වැදිම සදහා එක් ස්වාධීන කණ්ඩායමත් 02වන දින ඇප මුදල් තැන්පත් කිරිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ඉදිරියේ පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා තරග කිරිමට මුත්තුවීරන් පුනේස්වරන් යන අය ස්වාධිණ කණ්ඩායමක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කල බවත්ය.

මෙම පුද්ගලයා ඇප මුදල් තැන්පත් කර මැතිවරණයට තරග කිරිමට අවශ්‍ය නාම යෝජනා පත්‍ර ලබා ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts