මොන­රා­ගල දිස්ත්‍රි­ක්කය තුළ මහ කන්න­යේදී ගම්මි­රිස් හෙක්ට­යාර් 50ක් සහ කොකෝවා හෙක්ට­යාර් 50ක් වගා කිරී­මට අප­න­යන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ මොන­රා­ගල සහ­කාර අධ්‍යක්ෂ කාර්යා­ලය කට­යුතු යොදා ඇත. බිබිල, මැද­ගම, බඩ­ල්කු­ඹුර සහ මොන­රා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මූලික කර­ගෙන ගම්මි­රිස් සහ කොකෝවා වගා කෙරෙන අතර කොකෝවා රබර් ඉඩ­ම්වල යටි වගා­වක් ලෙස වගා කෙරේ. රුපි­යල් පහක සහ­නා­ධාර මිල­කට ගම්මි­රිස් පැළ ලබා දෙන අතර කොකෝවා පැළ නොමිලේ ලබා දීමට නිය­මි­තය.

ඒ පිළි­බ­ඳව විස්තර අදාළ ප්‍රදේ­ශ­වල ගොවි ජන සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­වල සිටින අප­න­යන සංව­ර්ධන නිල­ධා­රී­න්ගෙන් ලබා ගත හැකි බව සහ­කාර අධ්‍ය­ක්ෂක චමින්ද සෙන­වි­රත්න මහතා පැව­සීය.

Similar Posts