ශ්‍රි ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇත්තේ තව දින 33 කි. වෙනදා නම් ජනාධිපතිධුරය සදහා ඉදිරිපත් වුයේ පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලිනි. ඇතැම් විට ස්වාධීන පක්ෂ වලින් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. එහෙත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසගත කරමින් වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය බවට පත්ව ඇත. එපමණක් නොව අසාමාන්‍ය දිගකින් යුත් ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරිමටද මෙවර මැතිවරණ කොමිසමට සිදුව තිබේ.
මැතිවරණ කොමිසම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා වියදම් ලෙස ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් කෝටි 400 කි. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී වියදම ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසම සදහන් කර සිටියි.
මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 35 ක් නාම යෝජනා භාර දී ඇත. පුද්ගලයින් 41 කු ඇප මුදල් තැන්පත් කර තිබුණද නාම යෝජනා භාර දී තිබුණේ 35 කු පමණි. එකී නාම යෝජනා පත්‍ර 35 මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකාව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසම වෙත භාර දී තිබුණි. එම පත්‍රිකාවට අනුව ඡන්ද පත්‍රිකාව දළ වශයෙන් අ`ගල් 02 ක් වු උප පත්‍රිකාව සහ තවත් අගල් 24 ක් සමග දිග අගල් 26 ක් පමණ වේ. මෙම අසාමාන්‍ය දිගකින් යුත් ඡන්ද පත්‍රිකාව හා අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඡුන්ද පොළ නියෝජිතයන් 70 / ගණන් කිරිමේ නියෝජිතයන් සංඛ්‍යාව 175 ක් දක්වා ඉහළ යාම නිසා මැතිවරණ කොමිසමේ වියදම ඉහළ ගොස් තිබේ.
මෙහිදි ඡන්ද පෙට්ටි නැවත සකස් කිරිමට හෝ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරිමට සිදුවීම , ඡුන්ද පොළවල් නැවතත් පරික්ෂා කොට වඩාත් ඉඩ පහසුකම් සහිත වෙනත් ස්ථාන වෙත යොමු වීමට සිදුවිම, ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන නාමිකව පරික්ෂා කොට ඉඩ පහසුකම් සහිත විකල්ප ස්ථාන වෙත යොමු වීමට සිදුවීම, ඡන්ද පොළ කාර්ය මණ්ඩලය හා සහාය කාර්ය මණ්ඩලය වැඩි කිරිමට සිදුවීම, ඡන්ද ගණන් කිරිමේ කාර්ය ප්‍රමාද වීමට සිදුවීම නිසා කාර්ය මණ්ඩල සදහා සුබසාධන හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරිමට සිදුවීම, එමෙන්ම විදුලිය, ජලය, දුරකථන වැනි පොදු පහසුකම් සදහා වන අපෙක්ෂිත වියදම අධික වීම වැනි කරුණු මත මෙවර ජනාධිපතිවරණයේ වියදම ඉහළ යාමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනු ලබයි.
අපෙක්ෂකයෙකු ඉදිරිපත් වීම වැලැක්විය නොහැකිය. එය ඔහුගේ ප්රජාතන්ත්රවාදී අයිතියකි. නමුත් මෙම තත්ත්වය රටේ මුලූ ජනතාවටම බලපාන්නකි. ජනතාවට මෙහි උණුසුම දැනෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුවය. මන්ද රටේ අත්‍යවශ්‍ය බඩු මිල වැඩි වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බැවිනි. දුගී දුප්පතාගේ සිට පෝසතා දක්වාම තම ශ්‍රමයෙන් හරිහම්බ කරන මුදලෙන් අඩක්ම වැය වන්නේ මේ සදහාය.
රජය මේවා අය කරගනු ලබන්නේ විවිධ පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ දැමීමෙනි. නැතහොත් වැඩි බදු මුදල් අය කර ගැනීමෙනි. එහෙයින් අපි කුඩා කළ සිටම දන්නේ ශ්‍රි ලංකාව සංවර්ධනය වෙන තුන්වෙනි ලෝකයේ රටක් බවය. ඉන් එහා ගමන් කිරිමට අපට හැකියාවක් නැත. නමුත් ජනාධිපතිවරණයකදි අපේක්ෂකයින් වැඩිම පිරිසක් ඉදිරිපත් වීම තුලින් නම් ලංකාව කප් ගසනු ඇත.
ශානි පොල්ගම්පල