arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

නල්ලතන්නිය රිකාටන් පොලිස් වි‍ශේෂ බලකා කාර්යාලයට ලද තොරතුරක් මත සාමිමලේ ප්‍රදේශයේදි කරන ලද වැටලිමකදි හිංසාකාරිව එළුවන් 29 දෙනකු රැගෙන ගිය ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම ලොරි රථය හා සැකකරුවන් දෙදෙනා ඉදිරි නිතිමය කටයුතු සදහා මස්කෙළිය පොලිසියට බාර දිමට පොලිස් වීශේෂ බලකායේ නිලධාරින් විසින් පියවර ගන්නා ලදි.
මස්කෙළිය පොලිසිය විසින් එම සැකකරුවන් හා අදාල ලොරි රථය සමග එළුවන්ද හැටන් වැඩ බලන දිසි විනිසුරු හා මහෙස්ත්‍රාත් කරුණාකරන් මහතා වෙත ඉදිරිපත් කල අකතර එහිදි එම ලොරි රථය රුපියල් ලක්ෂ 70ක බැදුම්කරයකට හා එළුවන් රුපියල් ලක්ෂ 10 බැදුම්කරයකට යටත්ව ඇප මත මුදා හැර මේ මස 09වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියෝග කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts