ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම.
ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය මිස් වෙනවා.
මේක හරියටම වාහනයක් එලවද්දි වගේ කියලයි මට හිතෙන්නෙ. වෙන කෙනෙක් ඩ්‍රයිවර් විදිහට දාගත්තට පස්සෙ අපි පිටිපස්සෙ සීට් එකට යන්න ඕන. අනිත් පැත්තෙ වාඩිවෙලා ඩ්‍රයිවර් එලවද්දි අපි බ්‍රේක් පාගලා තේරුමක් නෑ. තේරුමක් නෑ කියන්නෙ අනවශ්‍ය ස්ට්‍රෙස් එකක්. ඒ ආතතිය ජයග්‍රාහකයාට බාරදෙන්න ඕන.
අපිට තියෙන්නෙ පිටිපස්සෙ වාඩිවෙලා වටපිට බල බල යන්නයි. සැරින් සැරේ පොඩ්ඩක් හයියෙන් යංකො වගේ ඉල්ලීම් කරන එකයි. රියදුරුගෙ අනිත් පැත්තෙ වාඩිවෙලා, ඔතනින් හරවපං, අතනිං කපපං කිය කිය යන වැඩේ ඒ ජයග්‍රාහී මතවාදයේ පිරිසට බාරදෙන්න ඕන.
අපිට පුළුවන්, මචං ඔය සිංදුව මාරු කරපං.. වගේ අපේ විනෝදය පිණිස වෙන දේවල් මතක් කරන්න.
යම් දේශපාලන මතවාදයක් ජයග්‍රහණය කළාම ඒ මොහොතේම අත්වෙන පරාජයකුත් තියෙනවා. ඒ තමයි වැඩේ අනාගත්තොත් ඒකෙ වගකීමත් ගන්න වෙනවා.
පරාජිතයාට ඒ මොහොතේම අත්වෙන ජයග්‍රහණයකුත් තියෙනවා. ඒ තමයි තමන්ගේ විරුද්ධ මතවාදය සාර්ථක වෙලා ඒකෙ ප්‍රතිලාභ අත්වුනොත් ඒවා පොදුවේ විඳින්නත් පුළුවන්. අසාර්ථක වෙලා කුජීත වුනොත් ඒකෙ වගකීමක් ගන්න සිද්ද වෙන්නෙත් නෑ. ඉතින් පරාජිතයා විසින් මේ නිදහස බුක්ති විඳින්න ඕන.
ශ්‍රමදාන කරමින්, මාධ්‍ය සංදර්ශන පාමින් තමන්ගේ මතවාදය වෙනුවෙන් දවල් රෑ නැතුව මහන්සි වෙන වැඩේ ජයග්‍රාහක පිලට පවරන්න ඕන.