postal-election

2024 ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 (බ්‍රහස්පතින්දා) දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බවයි.

ඒ අනුව, අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව සඳහන්.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරනු ලබන බව ද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

Similar Posts