ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි.