මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට අධික වර්ෂාවක් පැවතිමත් සමත 15වන දින උදැසන 6.00වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 146 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් ඉහල යාහැකි බවත් මේ වන විට ජල විදුලිය නිපදවිම සදහා මෙම ජලාශයේ ජලය උපරිම ලෙස මුදා හැරිමට පියවර ගෙන ඇති බවත්ය.

පස් කන්දක් කඩා වැටිමේන් හගුරන්කෙත ප්‍රදේශයේ නිවසකට  හානි

නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් මත පස් කන්දක් කඩා වැටිමේන් හගුරන්කෙත ප්‍රදේශයේ නිවසකට සුලු හානි සිදුව ඇති බවත් අඹගමුව හා නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ට නාය යාමේ අනතුරු නිකුත් කර ඇති බවත් නුවරඑළිය ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත අඹගමුව හා නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන් තුල නාය යාමේ අවදානම් තත්වයන් පවතින බවත්ය.
එම තත්වයන් පිලිබදව අවදානය යොමු කර එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකට මේ වන විට නාය යාමේ අනතුරු නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පස් කදු ආශ්‍රිතව සිටින පුද්ගලයන් නිරන්තරයෙන් විමසිලිමත්ව කටයුතු කල යුතු බවත්ය.
එමෙන්ම හගුරන්කෙත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් නිවසකට සුලු හානි සිදුව ඇති බවත් එම නිවසේ පිරිස් මේ වන විට ඔවුන්ගේ ඥති නිවසක රදවා ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts