සයිබර් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමේ ජාතික තානාපතිනිය ලෙස රශ්මිකාට අලුත් තනතුරක් හිමිවෙලා.‍රශ්මිකාට මේ සන්නාම තානාපතිකම ලබාදීලා තිබුණෙ, සයිබර් අපරාධ මැඩලීම සඳහා රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුලපිරීමක් වන සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්.

ඔබට මතක ඇති ගෙවුණු කාලයේ අවස්ථා කිහිපයකදීම රශ්මිකා මන්දනා වැඩි කතාබහට ලක්වෙන්න ගත්තා.

ඊට ප්‍රධාන වශයෙන් ම හේතු කාරණා වුණේ, ඇගේ මුහුණ භාවිතා කරලා Deep Fake තාක්ෂණය යොදාගෙන සකසපු වීඩියෝ පටයක්.

ඒ වගේම එලෙස සැකසූ තවත් ඡායාරූප කිහිපයකුත් කතාබහට ලක්වෙන්න ගත්තා.

කොහොම නමුත් මේ දේවල් එක්ක ‘සද්ද වහලා පාඩුවේ ඉන්න’ ක්‍රමයෙන් බැහැරව, රශ්මිකා ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීම වඩාත් කැපී පෙනෙන්න ගත්තා.

හරියටම කිව්වොත් ඇගේ ඒ උත්සාහයන්, අර වීඩියෝ සහ ෆොටෝස්වලටත් වඩා වයිරල් වුණා.

“මට ඇත්තටම හරි දුකයි මෙහෙම ලියන්න වෙච්ච එක ගැන.

ඩීප් ෆේක් කියන දේ මොනතරම් නම් දියුණු ද කියන එක අපි හැමෝම නොදන්න දෙයක් නෙවෙයි.

මට විතරක් නෙවෙයි වෙන කෙනෙක්ට වුණත් මේ වගේ දෙයක් නිසා මොනතරම් ලොකු බලපෑමක් ඇතිවෙනවද? ඒක දරාගන්න හරිම අපහසුයි….”

”මේ දේට මම වෙනුවෙන් පෙනී සිටි හැමදෙනාටම මම ඉතාම ස්තුතිවන්ත වෙනවා.

මම ඉස්කෝලෙ යන කාලෙක මෙහෙම දෙයකට මූණ දෙන්න වුණා නම් මොනවද කරන්නෙ කියන එක ගැන මට හිතාගන්නවත් බෑ…”

ඒ තමයි රශ්මිකාගේ වචන.

Similar Posts