දිපවාලි උත්සව සමය තුලදි බඩු මිල ඉහල යාමේ අවදානමක් පැවතිමත් සමග වතු කම්කරුවන් ඇතුළු මෙම ප්‍රදේශයේ හිංදු ජනතාව දැඩි අසිරුථාවයන්ට පත්විමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජාතික පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
හිංදු ජනතාවගේ ප්‍රධාන උත්සවයක් තමයි දීපවාලි උත්සවය එය උසස් ලෙස සැමරිමට වතුකර ජනතාවද දැඩි කැමත්තක් දක්වනවා එත් මේ වන විට දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ මේ ජනතාවට නිසි ලෙස දිපවාලි උත්සවය සැමරිමට බැරි වෙන අවදානමක් පවතිනවා.
මොකද මේ වන පොල්, පොල්තෙල්, සහාල්, සිනි, හකුරුපැනි වැනි දේවල් දිනෙන් දින ඉහල යමින් පවතිනවා අද වන වන විට සමහර වෙළදුන් තුල පවතින වෙළද මාෆියාවක් මත මෙම ප්‍රදේශයේ සමහර වෙළදුන් ඔවුන්ට හිතෙන හිතෙන අකාරයෙන් බඩු මිල ඉහල දමමින් අහිංසක පාරිභෝගිකයන් ගසා කැමටත් ලක් කරනවා.
එමෙන්ම මෙම දිනවල සමහර වෙළද සැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිනිම සිදු කරන බවටත් අපිට තොරතුරු ලැබෙනවා මෙම තත්වයන් වෙනස් විය යුතුයි මොකද මේ සමහර වෙළදුන් හිතා ගෙන ඉන්නේ මේ වතු කර ජනතාව ඕනැම කුනු ගොඩක් කන පිරිසක් කියලා එම තත්වයන් මතයි මේ සමහර වෙළදුන් මෙසේ කටයුතු කරන්නේ.
එම නිසා මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කල යුතුයි එසේ නොමැතිවු විට මේ සමහර වෙළදුන් ඔවුන්ට හිතෙන හිතෙන ආකාරයෙන් මේ අහිංසක ජනතාව ගසා කැමට ලක් කිරිම දිගින් දිගටම සිදු කරයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts