poya

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

බෞද්ධයන්ට වඩා වැදගත්කමක් ඇති පොහෝ දිනයක් ලෙස වප් පොහොය හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාවාසීන් උත්සවාකාරයෙන් සමරන පොහොය අතරට වප් පොහොයත් එක් වෙයි.

ඒ භික්ෂූන්වහන්සේගේ වස් පවාරණය යෙදී ඇති පොහොය වප් පොහෝ දිනය වීම නිසාවෙන්.

වස් පවාරණය කළ පසු කඨින චීවර පූජාවද සිදුවන්නේ වප් පොහොය දිනයේදීයි.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ අප බුදුරජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කර ඇත්තේ වප් පොහොය දිනකයි.

Similar Posts