අදවන විට බිත්තර සහල් මිල ඉහල යන්න ප්‍රධාන හේතුව එය නිෂ්පාදනය කරන සමහර පිරිස් අධික ලාබයක් ලබන බැවින් බවත් එසේ නොමැතිනම් එම අයට හෙලිකොප්ටර්වලින් ගමන් යාමට නොහැකි බවත් කාරිටාස් සිටික් ආයතනයේ මහනුවර පදවියේ පුජක මිල්රෝයි ෆොන්සේකා පියතුමන් පවසයි.
ලෝක ආහාර දිනය නිමිති කර ගෙන 16වන දින හැටන් කරිටාස් සෙටික් ආයතනය විසින් සංවිධානය කර තිබු වස විසෙන් තොර ආහාර ප්‍රදර්ශනයකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මිල්රෝයි ෆොන්සේකා පියතුමන් අද වෙලද පලෙන් ගන්න තියෙන ආහාර වර්ග සියයට අනුවක් විස සහිතයි එලවළු ගන්න ගියත් එයට විෂ සහිත කෘමි රාසයන ද්‍රව්‍ය ගහාලා තියෙන්නේ පොඩි දරුවකුට පලතුරක් ගන්න ගියත් එහෙමයි ඇපල් ගෙඩියක් කුඩා දරුවකුට අරන් දෙන්න බැහැ එයට විෂ ගහලා තියෙන්නේ ඔබලාට බලන්න පුලුවන් ඇපල් ගෙඩියේ කුඩා ස්ටිකර් එක ගැලවු විට එතනින් කුමක් හෝ විෂක් එන්නත් කර ඇති අයුරු.
මෙයින් බොහෝ පිරිසක් පිලිකා හා වකුගඩු රෝගවලින් පෙලෙනවා අද බොහෝ පිරිස් විවිධ උද්ගෝසන කරනවා එත් ඇයි මේ වස විසෙන් තොර ආහාර දෙන්න කියලා උද්ගෝෂන නොකරන්නේ එයයි අද කල යුත්තේ අද වන විට බිත්තර සහාල් මිල ඉහල යනවා එයට හේතුව මෙයින් සමහර පිරිස් විශාල ලාබයක් ලැබිමයි එම නිසායි ඒ අයට හෙල්කොප්ටර්වලින් යන්න පුලුවන් වන්නේ එසේ විශාල ලාබයක් ලබන්න බැරිනම් ඒ අයට හෙලිකොප්ටර්වලින් ගමන් යන්න බැහැ.
මෙම වස විෂ ආහාරවලින් බේරිමට හැම කෙනෙක්ම තම තමන්ට හැකි අයුරින් තම ගෙවතුවල හැකි දෙයක් වගා කිරිමට පියවර ගත යුතුයි එසේ ගෙවතු වගාවන් කරන අයට අවශ්‍ය උදවු උපකාර කිරිමට කරිටාස් ආයතනය පියවර ගන්නවා.
මෙහිදි ලුක් නෙල්සන් පියතුමන්, නියුමන් පිරිස් පියතුමන් ඇතුළු තවත් කීප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts