රුපියල් කෝටියක් පමණ වටිනා විස්කි බෝතල් තොගයක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු නුවරඑළිය , ලිදුල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වැලන්ටයින් සහ බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතල් 69 ක් සහ මැන්චෙස්ටර් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 2,380 ක් ද සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි සහ විස්කි බෝතල් තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Similar Posts