කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පසුගියදා චාම් උත්සවයක් විදුහල් භූමි පරිශ්‍රයේදී විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මහා සංඝරත්නය පාසල් භූමියට වඩමවා සුමධුර ධර්ම දේශනාවක්ද ඇසීමට සලස්වා ආශීර්වාද ලබා ගත්හ.

1984 වර්ෂයේ ආරම්භ කළ මෙම විද්‍යාලය වසර දෙකක පමණ කාලයක් ගතවන විට පළාතම වෙලාගත් කොටි ත්‍රස්තවාදී කලබල හේතුවෙන් වරින් වර වසා තැබීමට සිදුවූයේ සේරුවිල මූතූර් දෙහිවත්ත ප්‍රදේශවලින් පැමිණෙන අනාථයින් හට නවතැන් සැපයීමට සිදුවූ බැවිණි. ඒ කිසිවක් බාධාවක් කර නොගත් මෙහි පාසල් ප්‍රජාව අද වනවිට ප්‍රදේශයේ දිදුලන පාසලක් බවට මෙම පාසල පත් කරගෙන ඇත. ක්‍රීඩා, නැටුම් අංශවලින් විශිෂ්ඨ ජයග්‍රහණ පාසලට අත් කරදුන් දරුවන් විශාල ප්‍රමාණයක් අද සමාජයට සේවාවන් සපයමින් ඉහළ නිලතල දරමින් සිටී.

මේ අතර 2024 සමස්ත ලංකා පාසල් මල්ලවපොර තරඟාවලියේ දී රිදී පදක්කම සිය විදුමාතාවට හිමිකර දුන් ඩී.පී. මලිසි අනූපමා දියණිය විසින් විදු මාතාවගේ 40 වැනි උපන් දින කේක් එක කපා විදුහල්පති ලක්ප්‍රිය මහතාට කොටසක් කවමින් සතුට බෙදාත් ගත්හ.

Similar Posts