තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව වතුකරයේ විවිධ පිරිස් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන්හි පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි.
වතුකරයේ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරින්, පෙර පාසල් ගුරුවරියන්, විවිධ සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සදහා මෙම වැඩ මුළුව පවත්වන ලදි .
මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කේසේද යන්න පිලිබදවත් ඔන් ලයින් පනත හරහා ඇතිවන විවිධ තත්වයන් පිලිබදවත් මෙම පිරිස් දැනුවත් කිරිම නිතිඥ පුගදාසන් අයින්කරන් මහතා විසින් සිදු කරන ලදි.
ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂල් ශ්‍රිලංකා ආයතනයේ අනුග්‍රහාය මත අයි පැන් ආයතනය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබුන අතර මෙම අවස්ථාවට ට්‍රාන්ස්පෙරන් ඉන්ටනැෂනල් ආයතයේ ජිවරත්නම් සුරේන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts