හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම ස්ථානයේ මේ වන විට හැටන් ප්‍රදේශයේ එකතු කරනු ලබන කසල ගොඩ ගැසිමත් සමග එම ස්ථානයට යාබදව පිහිටා ඇති හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල, පෙර පාසල් දෙකක පිරිස් හා එම මාර්ගයේ ගමන් කරනු ලබන පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට වප් පුන් පොහෝ දින පැමිනි පිරිසක් පවසන ලද්දේ හැටන් නගර සභා කාර්යාලය පිටු පස කසල ගොඩගැසිමත් සමග එහි පවතින මැසි මදුරු උවදුර හා දැඩි දුගද හේතුවෙන් විහාරස්ථානයට පැමිනි තමන් මෙන්ම එදින විහාරස්ථානයේ සිල් සමාදම්වු පිරිස්ද දැඩි දුෂ්කරථාවයන්ට පත්වු බවත්ය.
මෙම කසල ගොඩ හේතුවෙන් පවතින මැසි මදුරු උවදුර හා දැඩි දුගද හේතුවෙන් පොහෝ දින සිල් සමාදම්වු උපසක උපාසිකාවන්ට නිසි ලෙස දහවල් දානය ලබා ගැනිමටවත් නොහැකි තත්වයක් පැවති බවත් මෙම තත්වයන් මත එම විහාරස්ථානයේ ස්වාමින්වහන්සේලාද දැඩි ලෙස අපහසුතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු හැටන් ශ්‍රිපාද විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ හා පෙර පාසල් දෙකේ කුඩා දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පවසන ලද්දේ මෙම ස්ථානයේ මෙසේ කසල ගොඩ ගැසිමත් සමග තම කුඩා දරුවන් ඇතුළු පාසල් යන දරුවන්ද දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ස්ථානයෙන් හමන දැඩි දුගද මෙන්ම එහි පවතින මැසි මදුරු උවදුර හේතුවෙන් තම දරුවන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බවත්ය.
පලාත් පාලන ආයතනයක් මගින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම එම බල ප්‍රදේශයේ පරිසරයද රැක ගැනිමට පියවර ගත යුතු වුවද හැටන් දික්ඔය නගර සභාව දැනට දිගු කලක සිටම මෙම ප්‍රදේශයේ පරිසරය විනාශ කරමින් ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ දමා ඇති බවත් මෙම තත්වයන් පිලිබදව අදාල ඉහල බලධාරින්ගේ දැඩි අවදානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කුණු කසල බැහැර කිරිමට නිසි ස්ථානයක් මේ වන තෙක් නොමැති විම දැඩි ප්‍රශ්නයක්වි ඇති බවත්ය.
දැනට දිකු කලක සිටම මෙම කුණු කසල බැහැර කිරිමට නිසි ස්ථානයක් නොමැතිවිම ගැටළු රාශියකට හේතුවි ඇති බවත් මේ වන විටත් කුණු කසල දැමිමට නිසි ස්ථානයක් නොමැති විම තුලින් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
එහෙත් මේ වන විට කොටගල පිහිටි ඉඩම් කොටසක් මෙම නගර සභාවට හා කොටගල ප්‍රාදේශීය සභාවට කුණු කසල දැමිම සදහා ලබා දෙන බවට ඇදහස් පලවි ඇති බවත් එම ඉඩම් කොටස ලැබුනහොත් මෙම කසල ප්‍රශ්නයට නිසි විසදුම් ලබා ගත හැකි බවද ඔහු පැවසිය.
මෙම කුණු කසල දැමිම සදහා ඉඩම් කොටසක් ලැබෙන තෙක් මෙම ස්ථානයේ මැසි මදුරු පාලනය සදහා බෙහෙත් ඉසිමට පියවර ගන්නා බවත් කෙසේ හෝ මෙම අංගනය තුල පවතින කසල මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට යම් ක්‍රියා මාර්ගයක් ගැනිමට උත්සහා කරන බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්