19 වන ශත වර්ශයේ මෙන්ම විසි වන ශත වර්ශයේ මුල් භාගයෙත් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබුනේ ජනගහනයෙන් සියයට දෙකක් හා තුනක් අතර ප‍්‍රමාණයකට පමණි. 1944 නිදහස් අධ්‍යාපනය පැමිණීමත් සමගම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල විශාල වෙනසක් වීමට පටන් ගත්තේය. එම වෙනස වූයේ කාට වුවත් අධ්‍යාපනය ලබා ගැනීමට පුලුවන් කම පමණක් නොව දරුවන් පාසලට යැවීමද නීත්‍යානකූලව ඇතිවුන වගකීමක් බවට පත්වීමත් සමගයි. මෙසේ සියයට දෙකකට තුනකට තිබුනු අධ්‍යාපනය පල්ල වීම තේරුම් ගැනීමට හැකි වන්නේ යටත් විජිත සමයේ දී පැවතුන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තේරුම් ගැනීමෙනි.

ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. එසේ පත් වුන විශාලම රට ඉන්දියාවයි. ඉන්දියාව හැදින් වූයේ බි‍්‍රතාන්‍යය කිරුලේ මාණික්‍ය වශයෙනුයි. ඉන්දියාවට බි‍්‍රතාන්‍යයෙන් ඉදිරිපත් කල යුත්තේ මොන විධියේ අධ්‍යාපන ක‍්‍රමයක්ද යන්න විශාල විවාදයක් බි‍්‍රතාන්‍යයේ පරිපාලකයන් අතරත් බි‍්‍රතාන්‍යයේ බුද්ධිමතුන් අතරත් ඇති විය. එක් කණ්ඩායමක් කියා සිටියේ ඉන්දියාෙව් අධ්‍යාපනය සංස්කෘතික භාෂාවෙන් හා අරාබි භාෂාවෙන් කල යුතු බවයි. එයට හේතුව හින්දු සාහිත්‍ය සංස්කෘතික භාෂාවෙන් ලිය වී තිබීමත් මුස්ලිම් සාහිත්‍ය අරාබි භාෂාවෙන් ලිය වී තිබීමත් යන හේතු නිසාය. නමුත් තවත් මතයක් වුනේ ලෝකයේ මේ දක්වා දියුණුවෙමින් තිබුණු සියලුම විද්‍යාවන් හා අදහස් ඉංග‍්‍රීසි භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වී තිබීම නිසා අධ්‍යාපනය ඉංග‍්‍රීසි භාෂාවෙන් කල යුතුයි කියායි. අවසානයේ දී බි‍්‍රතාන්‍ය ප‍්‍රතිපත්තිය බවට පත් වුනේ ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය දිය යුතුයි යන්නයි.

මෙම විවාදයේ අවසාන නිගමනයත් පිලිබදව යටත් විජිත අධ්‍යාපන ප‍්‍රතිපත්තිත් නීති ප‍්‍රතිත්තිත් සකස් කිරීම ගැන ප‍්‍රධාන මට්මින් සහභාගි වුනු මැකෝලි නැමති සාමිවරයා ලියා තිබෙනවා. ඔහු පැවසුවේ අධ්‍යාපනය ඉංග‍්‍රීසි භාෂාවෙන් කල යුතු බවත් රටේ සියලුම දෙනාට ඉංග‍්‍රීසි ඉගැන්විය යුතු බවත්ය. එහෙත් ඔහු තව දුරටත් කියන්නේ ඒ ආකාරයෙන් සියලු දෙනාටම ඉංග‍්‍රීසි ඉගැන්වීෙම් හැකියාව බි‍්‍රතාන්‍යයට පැවතුනේ නැති බවයි. එම නිසා ඔහු යොජනා කලා සුලූ කණ්ඩායමකට හෝ ඉංග‍්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න, ඒ කණ්ඩායම ඔවුන්ගේ භාෂා වලින් රෙට් අනෙක් ජනතාවට එය කියා දෙනවා ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව. එම යෝජනාව රජ්‍යය ප‍්‍රතිපත්තිය බවටද පත් වුනා.

ඉන්දියාෙව්දී ඇතිකර ගත් එම ප‍්‍රතිපත්තිය දකුණු ආසියාවෙත්, වෙනත් සියලුම බ්‍රිතාන්‍යය යටත් විජිත වලත් ප‍්‍රතිපත්තියක් බවට පත් වුනා. මෙය ලංකාෙව් ක‍්‍රියාත්මක කිරීම තුලින් කාලයාගේ ඇවෑමෙන් සියයට දෙකක් තුනක් පමණ ඉංග‍්‍රීසි අධ්‍යාපණය ලබා ගත්තා. ඒවා සදහා විශේෂ පාසල් ඇති කලා. ඒ පාසල් වලින් ඉංග‍්‍රීසි භාෂාවෙන් විවිධ විශයන් ඉගෙන ගත් කණ්ඩායමක් ඇති වුනා.

මේ කණ්ඩායම තමන් ඉගෙන ගත් දේ රෙට් අනිත් අයට කියා දේවි යන බලාපොරොත්තුව වෙනුවට සිද්ධ වුනේ එසේ ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ගත් කණ්ඩායම ඒ මාර්ගයෙන් තමන්ගේ ප‍්‍රයෝජන වැඩිකර ගැනීමට උනන්දු වී වෙනම විශේෂ කණ්ඩායමක් බවට පත් වීමයි.

බි‍්‍රතාන්‍යය අධිරාජ්‍යයේ ඉතිහාසය පිළිබදව පවතින එන්සයික්ලෝපීඩියා ග‍්‍රන්ථයේ හතර වන වෙලුෙම් සදහන් වෙනවා ලංකාෙව් පහත රට කණ්ඩායමක් අලූතෙන් ඇති වූ ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා ගත් ආකාරයත් ඒ මාර්ගයෙන් එය ඔවුන් තමන්ගේම වාසියටත් තමන්ගේ සමාජ තත්වය, ආර්ථික තත්වය ඇතිකර ගැනීමටත් යොදා ගත් ආකාරය. ඉංදියා‌වේ මෙම කණ්ඩායමෙන් කොටසක් බි‍්‍රතාන්‍යයෙන් අත්මිදීමේ විමුක්ති ව්‍යාපාරයක් පටන් ගත් අතර එම ව්‍යාපාරය විශාල වශයෙන් පළල් කිරීමට දායක වුනා.

පසු කාලීනව නිදහස් ඉන්දියාවේ නායකත්වය බවට පත් වුනේ එවැනි ඉංග‍්‍රීසි අධ්‍යාපණයක් ලැබුණු නමුත් ඒ අධ්‍යාපනයේ ප‍්‍රතිපලයක් ලෙස ජනතාව අතරට ගෙන ඒ මේ උත්සාහයක යෙදුන බි‍්‍රතාන්‍යයන්ගෙන් අත් මිදීමේ සටනේ නායකත්වය ගත් පුද්ලයන්. නමුත් ලංකාෙව් එවනි දෙයක් සිදු වූයේ නැහැ. මෙහි ප‍්‍රතිඵලය වූයේ සියයට දෙකක පමණ ප‍්‍රමාණයක් අලුතෙන් ඇති වුනු නව අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතුල් වීමට අවස්ථාව ලබා ගැනීමත් අනෙක් අයට එය නැතිව යාමත්ය. එම බි‍්‍රතාන්‍යය ප‍්‍රතිපත්තියට වෙනස්ව රෙට් සියලුම දෙනාට අධ්‍යාපනයක් ලබා දීම පිළබදව බරපතල පියවරක් බවට පත් වුනේ සී ඩබ්ලව් ඩබ්ලිව් කන්නන්ගර මැතිදුන්ගේ නායකත්වයෙන් හා ඔහු වටා සිටි නිළධාරීන්ගේ සහයෝගීතාවයෙන් නිදහස් අධ්‍යාපනය රෙට් ජනතාවට හිමි කර දීම තුළිනුයි. මේ නිසා විශාල අවස්ථාවක් නිර්මාණය වුනා, රෙට් ස්වභාවයම වෙනස්කර ගැනීමට. ඒ සදහා කාලය අවශ්‍යය වුනා. දැන් අප ජීවත් වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු හැත්තතෑවකට වැඩි කාලයක් ගත වුනායින් පසුවයි. මේ නිසා නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීම සදහා අවස්ථාව දැන් නිර්මාණය වෙමින් පවතී.

මේ වාතාවරණය තුල කාගේත් පරම උණන්දුව විය යුතු වන්නේ තමන්ගේ ප‍්‍රකාශන ශක්තිය සමාජයේ සියලුම කටයුතු සම්බන්දයෙන් වර්ධනය කර ගන්නේ කෙසේද යන්නයි. ලබාගත් අධ්‍යපනය උපයෝගී කොට ගෙන ඒ තුලින් තමන්ගේ කල්පනා ශක්තිය වර්ධනය කර ගනිමින් තමන්ගේ කටහඩින් තමන්ගේ අනාගතය ගැන කතා කිරීෙම් ශක්තිය නිර්මාණය කර ගැනීමට පසු බිම රටේ දැන් වැඩි කොටසකට පවති. එහෙත් ඒ් කල්පනා රටාව තවමත් දියුණු වී නැහැ. එම කටහඩ තවම ඇසෙන්නට පටන් ගෙන නැහැ.

බැසිල් ප‍්‍රනාන්දු

Similar Posts