අඹගමුව රේස්පිටිය සම්බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පිංකම් දානමය පුන්‍ය කර්මය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම භාවනා මධ්‍යස්ථානයේදි 29වන දින පවත්වන ලදි.
ගරුතර සංඝරත්නයේ පනස් නමක් සදහා සපිරකර සහිත වැන්ජන 32ක් සහිතව සංඝගත දක්ෂිනාවක් පිරිනැමිම මෙහිදි සිදුවු අතර මෙම අවස්ථාවට අඹගමුව, රේස්පිටිය, මහපතන, ආදි ප්‍රදේශවලින් පැමිනි විශාල පිරිසක් එක්ව සිටින ලදි.
එම බාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ඉන්පේමඩ සුදස්සි නායක හිමියන්ගේ අනුසාසනා මත එම බාවනා මධ්‍යස්ථානයේ දායක සභාව විසින් මෙම කඨින දානමය පිංකම සංවිධානය කර තිබුනි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්