නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උපාධිධාරින් ලක්ෂයක් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මම අවුරුදු 12කට කලින් විශ්ණු මහා රෝහනම් පදනම යනුවෙන් පදනමක් හදා ගත්තා ඒ පදමන තුලින් විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා පවතින සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව මුදල් ලබා දිමට පියවර ගත්තා ඒ අනුන කලා පිඨයේ ඉගෙනුම ලබන සිසුන්ට මසකට රුපියල් 6,900ක්ද වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලබන සිසුන්ට මසකට රුපියල් 12,500ක්ද, ඉංජිනේරු පිඨයේ ඉගෙනුම ලබන සිසුන්ට රුපියල් 8.000ක් බැගින්ද ලබා දිමට පියවර ගෙන ඇති අතර මේ වන විට විශ්ව විද්‍යල සිසුන් 1600 දෙනකු මෙසේ මුදල් ලබා ගෙන තිබෙනවා.
එමෙන්ම මේ දිස්ත්‍රික්කයේ මන්ද පෝෂනය වැඩි අතර එම තත්වනයන් වෙනස් කිරිම සදහා එවන් තත්වයන්ට පත්ව ඇති අවුරුදු 03ත් 13ත් අතර දරුවන් සදහා අධිපෝෂන ආහාර පාර්සල්ද ලබා දිමටත් පියවර ගෙන තිබෙනවා.
මේ වන විට මෙම දිස්ත්‍රික්කය තුල විවිධ ප්‍රශ්න පවතිනවා අද හැටන් නගරය ගත් විට ජනතාවට යන්න හොද පොදු වැසිකිලියක් නැහැ නගරයට පැමිනෙන රථ වාහන නතර කරන්න රථ වාහන නැවතුමක් නැහැ මෙම තත්වයන් වෙනස් කල යුතුයි ඒ සදහා මා සතුව නිසි සැලසුමක් පවතිනවා එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ අඩු තරමින් වැඩි හිටි නිවාස පහක්වත් ඇති කල යුතුයි.
මම මේ දිස්ත්‍රික්කයේ අග හිගකම් පවතින් පවුල් සදහා මාළු ලබා දෙන්න උත්සහා කරන්නේ නැහැ මම කරන්න හදන්නේ මාළු අල්ලන්න බිලි පිති ලබා දිමටයි මෙය කිරිමටයි මම ඔබලාගෙන් ඡන්දය ඉල්ලන්නේ එම නිසා ඔබලාගේ ජිවිත සාර්ථක කර ගැනිමට ඔබලාගේ වටිනා ඡන්දය මාහට ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts