අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.
ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.
විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසයි.