හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.

මෙම අනතුරින් තුවාල ලැබුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම අනතුර පිලිබදව හැටන් පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මෙම අනතුරින් තුවාල ලැබුවන් අතරින් එක් අයකුගේ තත්වය බරපතල බැවින් එම තුවාලකරු වැඩි දුර ප්‍රථිකාර සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගත් බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts