බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් මන්නාරම සිට කංකසන්තුරය ,ත්‍රිකුණාමලය , මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුවත් කෙරෙයි.
අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි.එය හෙට දිනය වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බැවින් අධික වර්ෂාවක් ඇදහැලෙන බවටයි කාලගුණ අංශ සඳහන් කරයි.
ඒ අනුව උතුර ,උතුරුමැද ,නැගෙනහිර , මධ්‍යම සහ ඌව පළාත්වලත් , හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් , හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි මෙන්ම උතුරු පළාතේ මිලිමීටර් සියය ඉක්මවූ වැසි ඇතිවන බවටයි කාලගුණ අංශ පවසයි.
මේ අතර මන්නාරම සිට කංකසන්තුරය , ත්‍රිකුණාමලය , මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුවත් කෙරෙයි.